ජිවිතය ගොඩ ගන්න වෙර දරන දිරිය මිනිසෙක්






    පෑස්සුම් වැඩපලක හිමිකරු වන මොහු වෙනත් ආදායම් මාර්ගයක් වශයෙන් තමන්ගේ වාහනයෙන් ඇගලුම් කම්හලේ වැඩ කරන සේවකයින් ගෙනයාම කල අතර කැබිතිගොල්ලෑවට දුර බැහැර ප්‍රදේශයක සේවකයින් ගෙවල් වලට දමා එමින් සිටියදි අධික ‍මහන්සිය නිසා නින්ද යාම හේතුවෙන් වාහනය ගසක හැපි අනතුරක් වී එක් පාදයක් අබාධ තත්ත්වයට පත්විය. එක් දරු පියෙක් වන මොහු ජිවිතය කඩා වැටෙන්නට ඉඩ නොදි තම සේවකයන් සමග එක් වී තමන්ගේ පෑස්සුම් වැඩපල ඉදිරියටත් කරගෙන යනු ලබන අතර රෝද පුටුවේ සිට එම වැඩ කටයුතු සොයා බලා ක්‍රියාත්මක කර වැඩපල කැබිතිගොල්ලෑව නගරයේ හොදම පෑස්සුම් වැඩපල ලෙස ගෙන ඒමට ඔහුට හැකි විය. කොපමණ දුක් කරදර පැමිණියද අබාධයන්ට ලක්විය ද තම දරු පවුල ජිවත් කර ඉදිරියට යන මොහුගේ ගමන් මගේ අපට ද යා නොහැකි ද? සිතන්න ඔබ ඔබ ගැනම, සිතමු අපි අපි ගැනම
Tags:

0 comments