හීන් නෝනා

   




 
 ඈ අපට පැවසූ පරිදි නමින් හීන් නෝනා පදිංවිය මහනුවර සුදුහුම්පොලයි.තරැණ වයසෙදි සරලව සැහැල්ලුවෙන් ජීවත්වූ තවත් අපි වගේ කෙනෙක් තමා මේ අම්මත්. තරැණ වයසෙදීම කසාද බැදපු ඈ දරැවන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක් වූයේ මීට අවු 60 කට පෙරයි. පියානණ් නොමැතිව ඈ මේ දරැවන් දෙදෙනා පාසැල් යවා ශිල්පසතර ඉගැන්වීමටත් කුසගිනි නිවාදැමීමටත් අනේක දුක්කම්කටොලු මැද ඉහල පැලැන්තියේ හාම්පුතෙකුගේ දාසිය සේ සේවයේ යෙදී සිටී කාලයකුත් ඇයට තිබිලා තියෙනවා. ඇය දැන් 80 වන වියේ පසුවන වයසක අම්මාකෙනෙක්. 
දරැවන් දෙදෙනාම හොදින් අධ්‍යාපනය ලබා රජයේ රැකියාවන් වලද යෙදී සිටින අතර ඔවුන්ද විවාහ ජීවිතයට ඇතුලු වී ඔවුන් ඔවුන්ගේ ලෝක වල දරැසුරත් බලමින් ජීවත් වේ. ඇය දැන් මිත්තනියකී. දරැවන් එයාලගේ ලෝක වල ජීවත්වෙද්දී එයට බාදාවක් නොවී එදාවේලට බඩට යමක් දාගෙන කුස පුරවගන්න ඇගේ ජීවිකාව කරගෙන තියෙන්නේ දැන් දවල් කාලයේදී පදික වේදිකාවේ සැරිසරණ මගීන්ට බුලත් විටක් විකුණලා හම්බෙන තුට්ටු දෙකෙන්. 
    අද කාලයේ රෙදිසෝන සබ්න් කෑල්ලක් කීයද, හාල් පොල් එළවලුවල මිල අමුත්තුනවෙන් කියන්න ඕනී නෑ. මෙවැනී අසරණ තත්වයට පත් ව දුක් විදින තවත් අම්මලා කොතෙක්නම් අපේ රටේ මේ ලෝකේ ඇත්ද? ඈ මේ ජීවනෝපාය දෑතේ ශක්තිය ඇති තෙක් හිතේ ශක්තිය ඇති තාක් කල් කරයි නමුත් අත පය වාරැ නැතිවෙනකලයක් ඈ ට ආවොත් කාගේ පිළිසරණක්ද? 

By Krishanthi Jayalath
Tags:

0 comments