ඩෙංගු උවදුර








    
    ඝ්‍රයෙන් ඉහල. මෙය ඩෙංගු රෝගයේ භයානකම අවස්තාවයි. එවිට එම රෝගියාගේ ඇස් රතුවීම, නාසයෙන් විදුරුමස් වලින් ලේ ගැලිම, සම මතුපිට රතුපාට පැල්ලම් ඇතිවිම, මළ කලු පැහැවිම වගේ ලක්ෂණයන් පෙන්වයි. මෙය වෛද්‍ය පරීක්ෂණයක් මගින් නිශ්චිතව පැහැදිලි කරගත හැකිය.
ඩෙංගු රෝගය බෝකරන මදුරුවන් බෝවන ස්තාන ඇතිකල හැක්කේද නැතිකල හැක්කේද මිනිසාටමය. එමනිසා රෝගය පිලිබද බිය නොවි මදුරුවන් බෝවන ස්තාන අවම කිරිමට මිනිසුන් වන අප වගබලා ගත යුතුය. තමතමන්ගේ නිවෙස් අවට කාර්යයාලය අවට වැනි තමන් නිතර ගැවසෙන ස්තාන තමා විසින්ම පිරිසිදුව තබා ගන්නවානම් ඩෙංගු රෝගය පමනක් නොව තවත් රෝග රාශියක් අප රටෙන්ම පවා තුරන්කර හැකිය. එදිනෙදා භාවිතා කරන ටින් බදුන් පොලිතින් කවර වැනි ජලය එක්රැස් වියහැකි දේවල් තැනතැන අක්‍රමවත් ලෙස නොදමා ක්‍රමවත් ආකාරයෙන් බැහැර කිරිම මගින් ඩෙංගු මදුරුවන් බෝවන ස්තාන අවම කරගත හැකිය. එවිට මදුරුවන්ට බිත්තර දැමිමට නොහැකි බැවින් මදුරු ගහනය ක්‍රමයෙන් අඩු වේ. කානු පද්ධති නිසි ලෙස පිරිසිදු කිරිම, අවට පරිසරයට අපද්‍රව්‍ය නොදැමිම මගින් පිරිසිදු පරිසරයක් ඇතිවි ඩෙංගු අවදානමද අප අතරින් තුරන්වි යයි.

By Malima Nirmana 
Tags:

0 comments