මැටි වලදේ කතාව





කුඹල් කර්මාන්තය බුදු සමයටත් පෙර සිට පැවත එන බව ජාතක කතා හා පුරාවෘත්ත තුලින් අප අසා ඇති අතර මෙය බොහෝ විට පාරම්පරිකව සිදුකරන ස්වයං වෘත්තියක් බවට පත්ව තිබේ. කුඹල් කර්මාන්තය තුල තවමත් සාම්ප්‍රදායික ක්‍රමවේද, උපකරණ භාවිතා කලත් එම වෘත්තිකයින්ගේ දෑතේ හැඩතලයන් තුලින් මනා නිමැවුමකින් යුක්ත මැටි භාජන නිර්මාණය වේ.
මැදගම, පොල්ගහවෙල ග්‍රාමය කුඹල් කර්මාන්තයේ යෙදෙන පාරම්පරික වෘත්තියක් වෙසෙන ගමකි. ටෙලි යූත් මාධ්‍ය ඒකකයේ අපි දිනක් ඔවුන් සොයා ගියෙමු. මැටි වලන් කර්මාන්තය සදහා සුදුසු මැටි පස් සොයා ගැනීම මේ කාලයේ දුෂ්කර කටයුත්තකි. මෙම ගමෙහි සුදුසු මැටි පස් නොමැති අතර ඔවුන් කිලෝ මීටර් 10 ක් පමණ දුර ගෙවා ගොස් මැටි පස් ට්‍රැක්ටර් වලින් රැගෙන විත් කර්මාන්තයේ යෙදේ.
මැටි වලන් සදහා දැන් වෙලද පොලේ ඇති තරගය එතරම් විශාල නැත. ප්ලාස්ටික් හා ඇලුමිනියම් භාජන බහුලවී ඇති නිසා මැටි භාජන මිලදී ගැනීමට අවම වී ඇත. එම තත්ත්වයන්ට මුහුණු දෙමින් මොවුන් තම පාරම්පරික රස්සාව කැපවීමෙන් සිදුකිරීම නිසා තවදුරටත් මැටි වලන් කර්මාන්තයේ ප්‍රතිදානයන් සමාජයට ඉතිරි වී තිබේ.
Tags:

0 comments